අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව

අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව

by Chathuranga Rajapaksha 13-04-2018 | 8:22 PM
COLOMBO (Newsfirst) - සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනාධිපතිතුමාට සුබ පැතීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ, හෙට දිනයේ අවුරුදු නැකැත් චාරිත්‍ර කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසේදී සිදුකිරීමට ජනාධිපතිතුමා සූදානමින් සිටින බව ය. එහිදී ජනාධිපතිතුමාට සුබ පැතුම් එක් කිරීමට ජනතාවට ද එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.