සතොසේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ

සතොසේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ

by Sagarika Chathumali 12-04-2018 | 11:51 AM

COLOMBO (News 1st) : රජයට අයත් රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිත කළේ, යැයි චෝදනා ලැබ සිටින සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදාහැරිණ.

ඒ රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. සැකකරු සභාපති ධූරය දැරූ සමයේ කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ තොගයක් ආනයනය කිරීමට සතොසේ මුදල් වැය කර ඇති බැවින් පොදු දේපළ පනත යටතේ ඔහුට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවට විත්තිය කළ කරුණු දැක්වීම සළකා බලමින් ඇප නියම කරනු ලැබී ය. සැකකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළේ ය. විමර්ශනවල ප්‍රගතිය මැයි 11 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නේ ය.