නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Sagarika Chathumali 12-04-2018 | 12:53 PM
COLOMBO (News 1st)  :  පළාත් 7ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ එලෙස දිවුරුම් දුන් ආණ්ඩුකාරවරුන්ගේ මෙසේයි. හේමකුමාර නානයක්කාර - බස්නාහිර පළාත කේ.සී. ලෝගේස්වරන් - වයඹ පළාත නිලූකා ඒකනායක - සබරගමුව පළාත රෙජිනෝල්ඩ් කුරේ - මධ්‍යම පළාත මාර්ෂල් පෙරේරා - දකුණු පළාත එම්.පී. ජයසිංහ - උතුරු මැද පළාත් පී.බී. දිසානායක - ඌව පළාත