තානාපතිවරු 4ක්, මහකොමසාරිස්වරයක් අක්තපත්‍ර භාරදෙති

තානාපතිවරු 4ක් සහ මහකොමසාරිස්වරයක් අක්තපත්‍ර භාරදෙති

by Sagarika Chathumali 12-04-2018 | 7:48 AM
COLOMBO (News 1st)  : ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් 4 දෙනෙකු සහ මහකොමසාරිස්වරයකු ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, පෝලන්තය ටැන්සානියාව යන රටවල් සඳහා එලෙස නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරයකු පත් වූ බවයි. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1909337195793196/