කැබිනට් සංශෝධනය ත් කල් යන ලකුණු...

කැබිනට් සංශෝධනය ත් කල් යන ලකුණු...

by Sagarika Chathumali 12-04-2018 | 9:19 AM

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ද ඉවත් වන බවයි. තමන් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වන බව තිලංග සුමතිපාල මහතා එහිදී ප්‍රකාශ කළේ ය. මේ අතර අද සිදුකිරිමට නියමිතව තිබු කැබිනට් සංශෝධනය තවදුරටත් කල් යනු ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ වු පසු නව කැබිනට් මණ්ඩලය නම් කිරිමට නියමිත බවයි. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේ නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවයි. මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන තීරණ අනුව, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.