ඇලෝසියස් සහ පලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට

ඇලෝසියස් සහ පලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 12-04-2018 | 11:00 AM

COLOMBO (News 1st)  : පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. නඩුවේ සිව් වන සැකකරු වන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ අත්සන චෙක්පත් දෙකකට ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරින්ට අද නියෝග කළේ ය. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ලබන 26 වන දා ලබා දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළා ය.