අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්

by Staff writer 12-04-2018 | 3:37 PM
COLOMBO (Newsfirst) - අනධ්‍යයන සේවක වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබේ. පසුගියදා ඇරඹි අනධ්‍යයන සේවක වැ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල සියලු ම කටයතු අඩපණ විය. 15000කට අධික අනධ්‍යයන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරමිනි. ඒ අනුව පසුගිය 2 වන දා බලධාරීන් සමග කළ සාකච්ඡාවේදී අනධ්‍යන සේවක ඉල්ලීම් ලබා දීමට ඔවුහු එකඟතාව පළ කළහ. කෙසේ වෙතත් මේ දක්වා අන්‍යයන සේවකයින් වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කළේ, බලධාරීන් එකඟ වූ පොරොන්දු ලිඛිතව චක්‍රලේඛයක් මගින් තමන්ට ලබා දෙන ලෙසට ඉල්ලා සිටිමිනි.