by Staff writer 12-04-2018 | 5:50 PM
COLOMBO (Newsfirst) - පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන තෙක් තාවකාලිකව අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබී ය.
මේ අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය.
රංජිත් සියඹලාපිටිය මහතා දිවුරුම් දුන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස යි.
ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, මලික් සමරවික්‍රම මහතා සමාජ සවිබල ගැන්වීම් හා කන්ද උඩරට උරුමය සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.
නව අමාත්‍යවරු සිව් දෙනා ඔවුන් දැනට දරණ තනතුරුවලට අමතරව මෙම අමාත්‍ය ධූරවල කටයුතු කරනු ඇති.
https://www.youtube.com/watch?v=cFUlt9P6cUU