මහනුවර සිද්ධියෙන් ජීවිතය අහිමිවූවන්ට වන්දි....

මහනුවර සිද්ධියෙන් ජීවිතය අහිමිවූවන්ට වන්දි දීමට කැබිනට් අනුමැතිය

by Hashini De Mel 11-04-2018 | 4:47 PM

COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිදුවීම්වලින් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ඒ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනූව ය. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 250,000 ක වන්දි මුදලක් ලබාදීමත් කැබිනට් අනුමැතිය හිමි විය. වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් අදාළ වන්දි මුදල ලබාදෙනු ඇති.