දේශපාලකයින්ට හැරී-මේගන් රාජකීය විවාහයේ දොරටු වැසේ

දේශපාලකයින්ට හැරී-මේගන් රාජකීය විවාහයේ දොරටු වැසේ

by Hashini De Mel 11-04-2018 | 6:51 PM

COLOMBO (News 1st) -  බ්‍රිතාන්‍යයේ හැරී - මේගන් රාජකීය විවාහ මංගල උත්සවයට දේශපාලන නායකයින් කිසිවකුට ආරාධනා නොකිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාහ මංගල උත්සවයට සහභාගී වන දේශපාලනඥයින්ගේ නිල ලැයිස්තුවක් නොමැති අතර ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද එම රාජකීය විවාහයට ඇරයුම් නොකෙරෙනු ඇති. ඒ අනුව හැරී කුමරුගේ මිතුරන් වන අමරිකාවේ හිටපු ජනපති බැරැක් සහ මිෂෙල් ඔබාමාට ද විවාහ උත්සවයට ඇරයුම් නොලැබෙනු ඇති. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා සහ එරට විපක්ෂ නායක ජෙරමි කෝබියන්ට ද විවාහ මංගල්‍යට ආරාධනා ලැබි නොමැති බව ය. ඒ අනුව හැරී කුමරු සහ මේගන් මාකල්ගේ විවාහ මංගල්‍ය මැයි මස 19 වන දින පැවැත්වීමට නියමිත අතර මංගල්‍යය උත්සවයට ආරාධනා කරන ලැයිස්තුවේ 1200 ක පමණ පිරිසක් සිටී. කෙසේ වෙතත්  2007 වර්ෂයේ මැන්චෙස්ටර් ඇරේනා ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක මෙම රාජකීය විවාහයට ඇරයුම් ලබා සිටීම විශේෂත්වයකි.