ඇල්ජීරියාවේ ගුවන් යානයක් කඩා වැටී සිය ගණනක් මරුට

ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටී සිය ගණනක් මරුට

by Sagarika Chathumali 11-04-2018 | 5:01 PM

News 1st : ඇල්ජීරියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ 257 දෙනෙකු මියගොස් තිබේ.

ඇල්ජීරියානු ගුවන් හමුදාවට අයත් යානය බුෆාරික් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී විනාඩි කිහිපයක් තුළ අනතුරට ලක්වී තිබේ. ඇල්ජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 247 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 10 දෙනෙකු යානයේ රැඳී සිටි බවයි. යානයේ ගමන් කළ පිරිස අතර බටහිර සහරා ප්‍රදේශයේ වෙනම පාලනයක් වෙනුවෙන් අරගලයක නිරත පොලිසාරියෝ පෙරමුණ නමැති සංවිධානයේ 26 දෙනෙකු ද සිට ඇතැයි ඇල්ජීරියාවේ පාලක පක්ෂය උපුටා දක්වන එරට රූපවාහිනී වාර්තා කර තිබිණ. බටහිර සහරා තම පාලනයට අයත් බව මොරොක්කෝ රාජ්‍යය පවසන අතර ඔවුන් චෝදනා කරන්නේ වෙනම පාලනයක් වෙනුවෙන් සටන් කරන කණ්ඩායම්වලට ඇල්ජීරියාව සහය දෙන බවටයි. ගුවන් හමුදා යානය අනතුරට පත් වන විට මොරොක්කෝ දේශ සීමාව සමීපයේ පිහිටි බටහිර ඇල්ජීරියාවේ බේෂාර් වෙත පියසර කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබිණ. යානයේ හමුදා සාමාජිකයින් හා යුද උපකරණ ද තිබූ බව එම වාර්තාවල සඳහන් ය.