ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් ගිනස් පොතට

ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් ගිනස් පොතට

by Hashini De Mel 10-04-2018 | 5:04 PM

COLOMBO (News 1st) - ලොව වයස්ගතම පුද්ගලයා පිළිබඳ ජපානයෙන් වාර්තා වනු ඇත.

ජපානයේ හොකයිඩෝහි ජීවත් වන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට අද සිය නම එක් කළේ ය. 1905 වර්ෂයේ ජුලි 25 වන දා උපත ලබා ඇති නොනාකා මේ වනවිට ගත කරන්නේ, සිය 112 වැනි වසරයි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන නොනකාගේ ජීවිකාව ගොවිතැනයි. පිරිසිදු උණුසුම් උල්පතක ගිලි සිටීම, නොනාකගේ දින චර්යාවේ එක් අංගයක් වන අතර ඔහු පැණි රස ආහාරවලට දැඩි ඇල්මක් ද දක්වන බව සඳහන් කර ඇත.