රජවැල්ලේ නිවසක ඇති වූ ගින්නකින් 3 දෙනෙකු මරුට

රජවැල්ලේ නිවසක ඇති වූ ගින්නකින් 3 දෙනෙකු මරුට

by Staff writer 10-04-2018 | 10:06 AM
COLOMBO (Newsfirst) - මැණික්හින්න, රජවැල්ල, රම්බොඩවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ඇති වූ ගින්නෙන් 36 හැවිරිදි පියා, 13 හැවිරිදි දියණිය හා 05 හැවිරිදි පුතා මිය ගොස් ඇති බව ය. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ය.