නිදහස් පක්ෂය කැබිනට් රැස්වීම වර්ජනය කරයි

නිදහස් පක්ෂය කැබිනට් රැස්වීම වර්ජනය කරයි: ළගදීම ඇමති මණ්ඩලයෙත් වෙනසක්වන ලකුණු

by Hashini De Mel 10-04-2018 | 8:13 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමතිවරුන් අද පැවති කැබිනට් රැස්වීම වර්ජනය කළහ.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ, එළැඹෙන අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද අමාත්‍ය මණ්ඩලය රැස් විය. අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් ඊට සහභාගි වූ අතර නිදහස් පක්ෂයේ කිසිදු ඇමතිවරයෙකු පැමිණ සිට නැත. මේ අතර කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙනම සාකච්ඡා කර ඇතැයි වාර්තා වූ අතර අද කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර ඇත්තේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වනතෙක් මධ්‍යම කාරක සභා රැස්වීම පැවැති අතර විශ්වාසභංග යෝජනාවට සහය දුන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමට එහිදී යළිත් ඉල්ලීම් කර ඇත. https://www.youtube.com/watch?v=Ady7a2WjbGY