එමිල් රංජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

එමිල් රංජන් හා නියෝමාල් රංගජීව ලබන 24 වන දා තෙක් යළි රිමාන්ඩ්

by Hashini De Mel 10-04-2018 | 4:39 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා හා පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් හා තර්ජන කිරීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍ර‍කාශ ලබා දුන් එම අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුට බලපෑම් හා තර්ජන එල්ලවී ඇති බව පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරණු දැක්වීම සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1907310449329204/