• උණුසුම් පුවත්

  • විශේෂාංග

  • දේශීය

  • විදෙස්

  • ක්‍රීඩා

  • ව්‍යාපාරික

  • විචිත්‍ර

  • සජීව විකාශය

  • සජීව විකාශය

  • English

  • தமிழ்

  • °C

English

தமிழ்

සිරියානු දරුවන් මේ ගෙවන්නේ කාගේ පවක් ද? සිරියානු දරුවන් මේ ගෙවන්නේ කාගේ පවක් ද?

සිරියානු දරුවන් මේ ගෙවන්නේ කාගේ පවක් ද?

සිරියානු දරුවන් මේ ගෙවන්නේ කාගේ පවක් ද?

කර්තෘ Sagarika Chathumali

10 Apr, 2018 | 12:32 pm

කර්තෘ Sagarika Chathumali     10 Apr, 2018 | 12:32 pm

  • බෙදාගැනිම්:

News 1st : මිනිසා විසින් මිනිසා වැනසීම වෙනුවෙන් නිර්මාණය කර ගත් කුරිරු යුද්ධයකට මැදිව සිටින අසරණ සිරියානුවන්ගේ ජීවිතවලට සැනසීමක් හිමි වන්නේ කවදා ද යන්න, සිහිනයක් බවට පත්ව ඇති තරමට ම සිරියානු සිවිල් යුද්ධය ව්‍යසනයක් බවට පත්ව තිබේ.

වසන්තයක් උදා නොවුවත් අසල්වැසි රටවල් කිහිපයක් පොළවට සමතලා කර වූ අරාබි වසන්තයත් සමග ඇරඹි කුරිරු යුද්ධයේ ප්‍රතිවිපාක සිරියානු වැසියෝ තවමත් අත්විඳිමින් සිටිති. පසුගිය සෙනසුරාදා ඩමස්කස් අගනගරයට සමීපයේ පිහිටි නැගෙනහිර ගූටා පළාතේ ඩූමා නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වීම සිරියාව දෙස මුළු ලෝකයේ ම අවධානය යොමු කර වූ නවතම සිදුවීමයි.

එම රසායනික අවි ප්‍රහාරයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වර්තා වූ අතර අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේ සිදුවීමත් සමග දැඩි නොසන්සුන් ත්ත්ත්වයකට පත්ව සිටින අතර ඔවුහු මේ සම්බන්ධයෙන් සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ සිරියාවේ මිතුරු රටවලට දැඩි ලෙස චෝදනා කරමින් සිටිති.

මේ අතර අමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ, සිරියාවට එරෙහිව බලය යෙදවීම සම්බන්ධයෙන් බටහිර බලවතුන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් සිරියාවට මෙන්ම සිරියාවට සහය දෙන රුසියාවට සහ ඉරානයට ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි. තව ද සිරියානු ජනපති බෂාර් අල් අසාද් සත්ත්වයෙකුට සම කරමින් ට්‍රම්ප් පවසන්නේ, රුසියාවට මෙන් ම ඉරානය ද මෙහි වගකීම භාර ගත යුතු බවයි.

මේ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා අමෙරිකාවේ මෙම චෝදනාව හෙළා දකිමින් පවසන්නේ, එම ප්‍රදේශයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූ බවට පිළිගත හැකි කිසිදු සාධකයක් නොමැති බවයි.  සිය රටේ විශේෂඥයින් සහ සහන සේවකයින් අදාළ ප්‍රදේශයේ සංචාරය කළ බව ත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිසිදු සාධකයක් එහි දක්නට නොමැති බවත් ඔහු විදෙස් මාධ්‍යට පවසා ඇත.

කෙසේ වෙතත් අනෙකුත් වාර්තාවල දැක්වෙන්නේ, පසුගිය සෙනසුරාදා එල්ල වූ රසායනික අවි ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එහෙත් එය සංඛ්‍යාත්මක කොපමණ පිරිසක් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී නොමැත.

එල්ල වූ බව කියන රසායනික අවි ප්‍රහාරයෙන් පසු ඊයේ හෝම්ස් නගරාසන්නයේ පිහිටි Tiyas හමුදා මූලස්ථානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වුවත් සිරියාව පවසන්නේ, ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාර පිටුපස අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සිටින බවයි.

කෙසේ වෙතත් මෙය පසුගිය සෙනසුරාදා එල්ල වූ බව කියන රසායනික අවි ප්‍රහාරයට එකට එක කිරීමක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නැත.

පසුගිය සෙනසුරාදා සිරියානු රජයේ හමුදාව විසින් ඩූමා නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු රෝගී වූ දරුවන් ඇතුළු පුද්ගලයින්ට යම් ස්ථානයකදී ප්‍රතිකාර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහෙත් එම දර්ශනවල නිර්වද්‍යතාව සහ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ වන තෙක් පිළිගත හැකි ආකාරයේ තොරතුරු වාර්තා වී නොමැත .

සිරියානු යුද්ධයේ ඇරඹුම…

අඛණ්ඩව ජනාවාස වි පැවති පැරණිතම නගර අතරින් එකක් වන ඩමස්කස් අගනගරය වන සිරියානු වැනසුමේ ඇරඹුම සනිටුහන් කෙරෙන  සිරියානු යුද්ධයේ පළමු ගිනිපුපුරු මතු වන්නේ 2011 වසරේදී ය. අවසානයක සලකුණක් හෝ නොපෙනෙන කුරුරි යුද්ධයට මැදි වී උපන් බිමේ මිහිදන් වූ සිරියානු ජීවිත ගණන 35,0000කට වැඩි වනු මිස අඩු නොවන බව විදෙස් වාර්තාවල සඳහන් ය.

2011 වසරේ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ ලෙස ඇරඹුණු මෙම උද්ඝෝෂණ එකල විරැකියාව, වංචා දූෂණ, නිදහස සීමා වීම වැනි චෝදනා බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ආරම්භ වූ විරෝධතා ඉතා කෙටි කාලයක් තුළදී රට පුරා පැතිර ගිය උද්ඝෝෂණ බවට පත් විය. එවක මැදපෙරදිග ආරම්භ වී තිබූ ආරාබි වසන්නතයේ යම් යම් බලපෑම් සිරියාවේ ද ඇති වූ අතර මෙම වටපිටව තුළ සිරියානු ආණ්ඩුව උද්ඝෝෂකයින් ඇතුළු විරුද්ධවාදීන්ට එරෙහිව සිය බලය යොදවන්ට විය.

ආණ්ඩුවෙන් එල්ල වූ මර්දනය හමුවේ, බෂාර් අල් අසාද්ට ධුරයෙන් ඉවත් වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ රට පුරා පැතිර ගිය අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ පසුව අවි අතට ගත් අතර පසුව සිය ආරක්ෂාව පසෙක ලා ඔවුන් ආණ්ඩුවේ හමුදාව සමග ගැටුම් ඇති කර ගන්නට විය.

එහෙත් සිරියානු හිටපු ජනපති හාෆෙස්ගේ අභාවයෙන් පසු  2000 වසරේදී  බලයට පැමි‍ණෙන බෂාර් අල් අසාද් ආණ්ඩු බලය අත්හැරීමට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත.

ආණ්ඩුව විරෝධී මහජන උද්ඝෝෂණවලින් ඇරඹුණු සිරියානු යුද්ධය නිසා අද ජීවිත කැප කිරිමට සිදුව ඇත්තේ, අසරණ දරුවන් ඇතුළු සිරියානු ජනතාවටයි.

කාගේ අවශ්‍යතාවකට සිදු වුව ද අරාබි වසන්තයෙන් අරාබියට වසන්තය කෙසේ වෙතත් මුළු අරාබිකරයේ ව්‍යසනයක් කර ගෙන ගිය බව ඊජිප්තුව, ලිබියාව, යේමනයේ වත්මන් තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී මොනවට පැහැදිලි වන්නකි. එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටි සිරියානු ජනතාවට අද සිදුව ඇත්තේ, උපන් බිමේ ම පණ පිටින් වැළලී යන්නට ය.

රුසියාව සහ ඉරානය සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවේ ප්‍රධාන යුද සහයකයින් ය . රුසියාව අමෙරිකාවේ ප්‍රතිවාදියා ය.

ලෝකයේ හෙට දවස කුමක් වුවත් අවි නිපදවන්නන්ට සහ අවි ජවාරම්කරුවන්ට යුද්ධය යනු සම්පතක් බව සඳහන් කළ යුතුව ඇත.

ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිව සිටින සිරියානු දරුවන් ඇතුළු අහිංසක වැසියන්ගේ සිරුරු පසාරු කර  ගැලූ රුධිරයෙන් සිරියානු පොළොව දැන් තෙත් ව අවසන් ය.

  • බෙදාගැනිම්:

සබැඳි පුවත්

සතියක් තුළ සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකියි –  ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...

07 Feb, 2019 | 08:01 AM

සිරියාවෙන් තම සෙබළුන් ඉවත් කර ගන්නා බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්…!

සිරියාවේ ඩැමැස්කස් අගනුවරට යළි ත් මිසයිල ප්‍රහාරයක්

ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?

ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?

01 Jul, 2018 | 06:10 PM

හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නැයි ප්‍රංශය අමෙරිකාවෙන් ඉල්ලයි

අමෙරිකාවෙන් සිරියාවට රතු එළියක්

සතියක් තුළ සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකියි –  ඩොනල්ඩ් ට්‍රම්ප් සතියක් තුළ සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකියි –  ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...

07 Feb, 2019 | 08:01 AM

සිරියාවෙන් තම සෙබළුන් ඉවත් කර ගන්නා බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්…!

සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කිරීමට පියවර

20 Dec, 2018 | 07:23 AM

සිරියාවේ ඩැමැස්කස් අගනුවරට යළි ත් මිසයිල ප්‍රහාරයක්

සිරියාවට යළි ත් මිසයිල ප්‍රහාරයක්

02 Sep, 2018 | 11:54 AM

ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද? ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?

ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?

01 Jul, 2018 | 06:10 PM

හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නැයි ප්‍රංශය අමෙරිකාවෙන් ඉල්ලයි

ප්‍රංශය අමෙරිකාවෙන් කළ ඉල්ලීම

16 Apr, 2018 | 11:04 AM

අමෙරිකාවෙන් සිරියාවට රතු එළියක්

අමෙරිකාවෙන් සිරියාවට රතු එළියක්

15 Apr, 2018 | 07:48 AM

නීතිඥ උදුල් අත්අඩංගුවේ සිටින අමල් පෙරේරා හමුවෙයි

17 Feb, 2019 | 06:09 PM

කෙසෙල්වත්ත, වේල්ල වීදියේ වෙඩි තැබීමක්...

17 Feb, 2019 | 08:01 PM

කටාර් එමීර්වරයා මත්තලට ගොඩ බසී

17 Feb, 2019 | 07:27 PM

පාළාත් 5කට ඉදිරි පැය කිහිපයේ තද වැසි..

17 Feb, 2019 | 05:18 PM

ශ්‍රවණ ගිලිහුණු කසුන්ගේ නිපැයුම්...

09 Oct, 2018 | 05:09 PM

අමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..!

16 Feb, 2019 | 07:33 AM

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්

16 Feb, 2019 | 06:55 PM

මෙරට ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක

16 Feb, 2019 | 09:34 PM

අංගම් හටන වාර්තාමය චිත්‍රපටය එළිදකී

14 Feb, 2019 | 09:16 PM

Sirasa TV Sri Lanka
Shakthi TV Sri Lanka
TV 1
Sirasa FM Sri Lanka
Capital Maharaja
Yes FM Sri Lanka
Shakthi FM Sri Lanka
Y FM Sri Lanka
Legends FM

නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.

දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733

[email protected]

කොන්දේසි | පසුගිය පුවත් | ආර්.එස්.එස්

කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS

  • English

  • தமிழ்

දු.ක : +94 114 792 700

ෆැක්ස් : +94 114 792 733

[email protected]


කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි | පුවත් සංරක්ෂිතය| වෙබ් අඩවි නිර්මාණය 3CS

​

​

​ ​