20 වැනිදා සිට මීටරය අනිවාර්යයි...

20 වැනිදා සිට මීටරය අනිවාර්යයි..

by Sagarika Chathumali 09-04-2018 | 11:00 AM

COLOMBO (News 1st)  : ලබන 20 වන දා සිට ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්යය කිරීමට රජය තීරණය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ, මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම පියවර ගත් බවයි. ගාස්තු මීටරය පසුගිය පළමු වනදා සිට අනිවාර්යය කර තිබුණ ද රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයකම ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේ ය.