නවීකරණය කළ සුගතදාස කෘතීම ධාවන පථය විවෘත කෙරේ

සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ

by Chathuranga Rajapaksha 09-04-2018 | 10:16 PM
COLOMBO (Newsfirst) - සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහි ඉදි කිරීමට වැයවූ මුළු මුදල රුපියල් මිලියන 244.85කි. මෙම ධාවන පථයට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ පළමු පෙළේ සහතිකයක් ලබා ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1906482612745321/