සරසවි අනධ්‍යන වර්ජනය නිමා වන ලකුණු

සරසවි අනධ්‍යන වර්ජනය නිමා වන ලකුණු

by Sagarika Chathumali 09-04-2018 | 6:31 AM
COLOMBO (News 1st)  : විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අද නිකුත් කරන බවට තමන්ට දැනුම් දී ඇති බව විශ්වවිද්‍යාල ඒකබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, චක්‍රලේඛනය නිකුත් වූ විගස තමන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගිය 2 වන දා උසස් අධ්‍යාපන අමාත්‍යංශ බලාධාරීන් සමග සකාච්ඡා පැවති අතර එහිදි ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් එකඟත්වය පළ කළ බව ද ඔහු පැවසී ය. දින 43ක් පුරා ක්‍රියාත්මක අන්‍යධන වැඩ වර්ජනය හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය වි ඇති බව විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය කේ.කේ.අයි යු. අරුණ කුමාර මහතා සඳහන් කළේ,, ඒ හේතුවෙන්, විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යන කටයුතු මෙන් ම අචාර්යවරුන්ගේ පර්යේෂණ කටයුතු ද ඇන හිට ඇති බවයි.