ජනපති හා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අතර සාකච්ඡාවක්

ජනාධිපති සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අතර විශේෂ සාකච්ඡාවක්

by Hashini De Mel 09-04-2018 | 8:50 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක් වූ නිදහස් පක්ෂයේ 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමට අද රැස්වීමේදී ද ඉල්ලීමක් කරන බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු සිය සහයෝගය පළ කළේ ය. නිදහස් පක්ෂයේ හා සන්ධානයේ මහලේකම්වරුන් දෙදෙනා ඇතුලු පක්ෂයේ 23 දෙනෙකු එදින පාර්ලිමේන්තුවට නොපැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1906358982757684/ https://www.facebook.com/NewsfirstSL/videos/1906366466090269/