ගම්මැද්දෙන් තවත් ජල ව්‍යාපෘතියකට මුල පිරූ වගයි!

ගම්මැද්දෙන් තවත් ජල ව්‍යාපෘතියකට මුල පිරූ වගයි!

by Sagarika Chathumali 09-04-2018 | 2:26 PM

COLOMBO (News 1st)  : ගම්මැද්ද වැඩ දහස යටත් තවත් ව්‍යාපෘතියක් අද මාතර කඹුරුපිටිය රෝහලේදී ආරම්භ විය.

මාතර කඹුරුපිටිය රෝහලට අවශ්‍ය තරම් ජලය නොලැබීම හේතුවෙන් එහි රෝගීන් හා එහි කාර්යය මණ්ඩලය දැඩි දුශ්කරතාවට පත්ව සිටිති. මේ පිළිබඳව ගම්මැද්ද මහ ලේකම් කාර්යාලය දැනුවත් වීමෙන් පසු අද දින ගම්මැද්ද කණ්ඩායම එහි ගොස් රෝහලේ ජල ව්‍යාපෘතියක් සඳහා අද කටයතු ආරම්භ කළේ ය. ව්‍යාපෘතිය සඳහා එස්ලෝන් ආයතනය අනුග්‍රය දක්වන අතර ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල ලක්ෂ 11කි. අද උදෑසන 10ට ව්‍ය්‍යපෘතියයේ කටයුතු ආරම්භ කළ අතර ඒ සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති කිතිසිරි දයානන්ද, ගම්මැද්ද සංවිධායක කෙනෙත් වීරක්කොඩි හා එස්ලෝන් ආයතනයේ සන්නාම කළමනාකරු ඉසුරු ජයවීර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. https://www.facebook.com/newsfirst.gammadda/videos/1739104836145755/