කැලණියේ ඉඩම් ජාවාරමක් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

කැලණියේ ඉඩම් ජාවාරමක් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

by Hashini De Mel 09-04-2018 | 9:13 PM

COLOMBO (News 1st) - ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කර කැලණිය ප්‍රදේශයේ ඉඩම් අළෙවි කර රුපියල් කෝටි 4 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ව්‍යජ ඔප්පු සහ ජාතික හැඳුනුම්පත් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද පෑලියගොඩදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව අනාවරණ කළේ ය. පසුගිය දා සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට කළහාකාරී ලෙස හැසිරිනු පුද්ගයින් සම්බන්ධයෙන් මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අදහස් පළ කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1906396192753963/ https://www.facebook.com/NewsfirstSL/videos/1906399426086973/