කඹුරුපිටිය මූලික රෝහලට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක්

කඹුරුපිටිය මූලික රෝහලට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක්

by Hashini De Mel 09-04-2018 | 10:08 PM

COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩ දහස ව්‍යාපෘතිය යටතේ කඹුරුපිටිය මුලික රෝහලේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා අද මුල්ගල තැබිණි.

මෙම ජල ව්‍යාපෘතිය සිදු කර ඇත්තේ එස්ලෝන් ලංකා පුද්ගලික සමාගමේ මූල්‍යමය දායකත්වයෙනි. කඹුරුපිටිය මුලික රෝහලට ප්‍රමාණවත් පරිදි ජලය නොමැතිකමින් එහි කාර්ය මණ්ඩලය මෙන් ම රෝගීන්ද දැඩි අපහසුතාවයට පත් ව සිටින බව පසුගිය දා ගම්මැද්ද මහලේකම් කාර්යාලයට වාර්තා විය. ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් කඹුරුපිටිය මුලික රෝහලේ නළ ළිඳක් සාදා එහි පැමිණෙන රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලය අවශය ජල සැපයුම ලබාදීමට අද උදෑසන කටයුතු ආරම්භ කළේ ය. එස්ලෝන් ලංකා පුද්ගලික් සමාගමේ ලක්ෂ 11 ක මූල්‍යමය දායකත්වයක් ඊට ලබා දුනි. https://www.facebook.com/newsfirst.gammadda/videos/1739416409447931/