ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ කර්නල් රිමාන්ඩ්

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ කර්නල් රිමාන්ඩ්

by Hashini De Mel 09-04-2018 | 3:51 PM

COLOMBO (News 1st) - ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයා තවදුරටත් ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පිරිස් මහතා අද නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ, එම අවි ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කරන ලද කර්නල් දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න නමැති සැකකරුයි. පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ, නීති විරෝධි ලෙස ගිනි අවි ප්‍රවාහනය කොට සන්තකයේ තබා ගැනීමට මෙම සැකකරු සම්බන්ධ බවයි. එහි තිබු ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය කුමන ස්ථනයෙන් රැගෙන ආවේද යන්න නොදන්නා බවත් ඒවාට බලපත්‍ර නොමැති බවත් රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව ගිනිඅවි 204 අංක වෙනස්වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙය මහාධිකරණයේ නඩු පැවරිය යුතු චෝදනාවක් වන අතර විමර්ශන කටයුතු තවමත් අවසන් නොමැති බවයි.