සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කාල සීමාව දීර්ඝ කෙරේ

සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කාල සීමාව දීර්ඝ කෙරේ

by Chathuranga Rajapaksha 08-04-2018 | 7:49 AM
COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කිරිම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ට අප්‍රේල් 12 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ හැකි බව ය. තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තැපැල්පතිවරයාගේ ඉල්ලීම පරිදි එම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය. පාසල් අයදුම්කරුවන්ට මීට පෙර එම අවස්ථාව ලබා දී තිබුණේ, පසුගිය 6 වනදා දක්වා පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 6,88,573 දෙනෙකු පෙනී සිටි අතර සියලු විෂයන් සඳහා A සමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 9,960 කි.