රියැදුරු බලපත‍් ලිඛිත පරීක්ෂණය අලුත් ක්‍රමයකට

රියැදුරු බලපත‍් ලිඛිත පරීක්ෂණය අලුත් ක්‍රමයකට

by Sagarika Chathumali 08-04-2018 | 3:59 PM

COLOMBO (News 1st) : රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය ලබන මස සිට Online ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේ, ලිඛිත පරීක්ෂණයේදී සිදුවිය හැකි අක‍්‍රමිකතා වැළැක්වීම සහ ඉතා ඉක්මනින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකිවීම යන කරුණු සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. නව ක්‍රමය සම්බන්ධයෙන්, මූලික කටයුතු අධ්‍යනය කරමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙහිදී අයැදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකි වේ. නව ක්‍රමවේදයේ මූලික අදියර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.