by Chathuranga Rajapaksha 08-04-2018 | 2:43 PM
COLOMBO (Newsfirst) - මිහිලියා මෙත්සරණි 21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා කේවල පළඟ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය.
එහි ස්කොෂ් කාන්තා කේවල පළඟ ශූරතාව වෙනුවෙන් අවසන් තරගයේදී මිහිලියා මෙත්සරනි තරග වැදුණේ බාර්බඩෝස්හී මේගන් බෙස්ට් සමගිනි.
ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 6 ට 11 ක් ලෙස මිහිලියා පරාජයට පත් වූවත් එහි දෙවන වටය මිහිලියා ජය ගත්තේ ලකුණු 13 ට 11 ක් ලෙස ය.
නමුත් බාර්බඩොස් හී මේගන් බෙස්ට් තුන්වන වටය ලකුණු 11 ට 8 ක් ලෙස ජය ගත්තා ය.
තියුණු මුහුණුවරක් ගත් සිව්වන වටය ද බාර්බඩොස් හී මේගන් බෙස්ට් ලකුණු 12 ට 10 ක් ලෙස ජය ගැනීමට සමත් වූවාය.
ඒ අනුව මිහිලියා මෙත්සරණිට පළග අනුශුරතාවය හිමිවිය.
21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී ය.