මලික් සමරවික්‍රම එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මලික් සමරවික්‍රම එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

by Sagarika Chathumali 08-04-2018 | 10:36 PM
COLOMBO (News 1st)  : එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ඊයේ පත් කර ගත්, පුර්ණ බලැති දේශපාලන මණ්ඩලයේ සමාජිකයෙකු වන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවුස්ෆස්ට් වෙත මේ බව තහවුරු කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගෙන නොමැති බවයි. ලබන 30 වන දා තෙක්, ධූරයේ රැදී සිටින්නැයි, මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.