මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් 12ක් STF දැලේ

මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් 12ක් ගල්කිස්සේදී STF දැලේ

by Sagarika Chathumali 08-04-2018 | 5:22 PM
COLOMBO (News 1st)  : පොලිස් විශේෂ කාර්ය බලකාය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ අද උදෑසන ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍ර‍ව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම 4.00 සිට උදෑසන 09 දක්වා සෝදිසි මෙහෙයුම සිදු කළ බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ සිව් දෙනෙක් ද වෙති. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් තොගයක් කේරළ ගංජා ,නීති විරෝධි මත්පැන් ඇතුළු තවත් නඩු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 20 -50 වයස් අතර පසුවන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෝ ය. මේ අතර සැකකරුවන් සන්තකයේ තිබි ජංගම දුරකථන 09 ක් , සිම් කාඩ්පත් 08 ක්, ඩිජිටල් කැමරාවක්, මුදල් රුපියල් 81, 240 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.