පිටිගලදී බස් රථයක ගැටුණු යතුරු පැදිකරුවෙකු මරුට

පිටිගලදී බස් රථයක ගැටුණු යතුරු පැදිකරුවෙකු මරුට

by Chathuranga Rajapaksha 08-04-2018 | 7:35 AM
COLOMBO (Newsfirst) - ඇල්පිටිය - පිටිගල මාර්ගයේ තල්ගස්පේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ය. මියගිය පුද්ගලයා 34 හැවිරිදි නාරංඕවිට, පොරවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.