by Sagarika Chathumali 08-04-2018 | 10:41 PM
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අලුත් සහල් මංගල්‍යය අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්විණ.
"හෙළයේ මහා ගොවි පිළිවෙත" මෙවර අලුත් සහල් මංගල්‍යයයේ තේමාවයි.
ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැද පුදා ගෙන රිදී කාසී පූජාව සිදු කර ආශිර්වාද ලබා ගත්තේ ය.
මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොයිදුල් සහල් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීම සංකේතවත් කරමින් පාත්‍රය වෙත සහල් පූජා කිරීම ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුනේ ඉන් අනතුරුවයි.
සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කරන මී පැණි බදුන උරූවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පැළිගැන්වීය.
ඉන් අනතුරුව සබරගමුව ඓතිහාසික මහා සමන් දේවලයෙන් රැගෙන ආ ගිතෙල් බදුන ජනාධිපතිවරයා අතින් ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කිරීම සිදුවිය.
වතාවත්වලින් අනතුරුව අලුත් සහල් මංගල්‍ය පිළිබඳ සමරු කලාපය ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහාතා විසිනි.
ඉන් අනතුරුව ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සාමාජිකයින් වෙත එහි හැඳුනුම්පත් ලබා දීම සහ ගොවීන් වෙත බීජ බෙදා දිම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.
https://www.facebook.com/NewsfirstSL/videos/1905061896220726/