උත්සව සමයේදී දක්ෂිණ අධිවේගයේ විශේෂ වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් දක්ෂිණ අධිවේගයේ විශේෂ වැඩපිළිවෙළක්

by Chathuranga Rajapaksha 08-04-2018 | 7:08 AM
COLOMBO (Newsfirst) - උත්සව සමය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත, පින්නදූව සහ ගොඩගම හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව අතිරේක පිවිසීමේ සහ පිටවීමේ දොරටු විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ, අදාළ කාල සීමාවේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ය. ඒ සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ද ඕපනායක මහතා සඳහන් කළේය. උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව දෛනිකව වැඩි වන බැවින්, ආරක්ෂිත ක්‍රමවේ ද අනුගමනය කරන්නැයි අධ්‍යක්ෂකවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.