අවුරුදු ධාවන තරගවලට පෙර මේ ගැනත් සිතන්න?

අවුරුදු ධාවන තරගවලට පෙර මේ ගැනත් සිතන්න?

by Chathuranga Rajapaksha 08-04-2018 | 7:37 AM
COLOMBO (Newsfirst) - සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කෙරෙන මැරතන් ධාවන ඉසව්, පාපැදි තරග ඇතුළු ඉසව් සඳහා සහභාගී වීමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, බාහිර රෝගී අංශ සහිත දිවයිනේ ඕනෑම රෝහලකින් අදාළ පරික්ෂාවන් සිදු කර ගත හැකි බව ය. ක්‍රීඩා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල මට්ටමින්, විශේෂ ඒකක ස්ථාපිත කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පරික්ෂාවන් සිදු කිරිම සඳහා වෛද්‍යවරුන්, සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම් විශේෂ පුහුණුවකට යොමු කර ඇති බව ය. එම පරික්ෂාවන් සිදු කිරිම සඳහා බස්නාහිර පළාතේ පමණක් වෛද්‍යවරුන් දහසක පිරිසක් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේය. පරික්ෂාවන් නොමිලේ සිදු කිරිමට ජනතාවට අවස්ථාව උදා කර දී තිබේ. පසුගිය වසරවල උත්සව අවස්ථාවලදී තරගකරුවන් මියයාම සැළකිල්ලට ගෙන නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද වෛද්‍යවරයා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේය.