අලුත් අවුරුද්දට කලින් කැබිනට් වෙනසක්

අලුත් අවුරුද්දට කලින් කැබිනට් වෙනසක්

by Sagarika Chathumali 08-04-2018 | 6:51 PM

COLOMBO (News 1st) : සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ද ලබන 30 වනදා ට පෙර පත් කරන බවයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව පත් කරගැනීම සඳහා ඊයේ රහස් ඡන්දයක් පැවැත්වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයට හැර සෙසු සියලු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදුන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1905192266207689/