සිරස මාධ්‍ය සේවකයින් භීතියට පත් කිරීම හෙළා දකිනවා

සිරස මාධ්‍ය සේවකයින් භීතියට පත් කිරීම හෙළා දකිනවා - වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

by Staff writer 07-04-2018 | 7:40 PM
COLOMBO (Newsfirst) - කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වට කළ පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මාධ්‍ය සංවිධාන හා දේශපාලන නායකයෝ පෙන්වා දෙති. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිරස මාධ්‍ය සේවකයින් භීතියට පත් කිරීම පිළිකුලින් යුතුව හෙළා දකින බව ය. මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කර ගනිමින් බලයට පත්වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම්වල ප්‍රමාණාත්මක භාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානක පණිවුඩය දෙස විවාත මනසකින් යුතුව කටයුතු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව ද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි. මේ අතර පසුගිය 4 වන දා ඇතිවූ සිද්ධිය පිළිබඳව දේශපාලනඥයෝ ද අදහස් පළ කළහ.