සල්මන් ඛාන්ට ඇප

සල්මන් ඛාන්ට ඇප

by Staff writer 07-04-2018 | 3:58 PM
(Newsfirst) - වසර 5ක සිර දඬුවම් නියම වූ බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඇප මත මුදා හැර තිබේ. ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අද පස්වරුවේ රාජස්ථාන් අධිකරණයේදී සලකා බැලීමෙන් අනතුරුව ය. 1998 වසරේ සිනමා පටයක රූගත කිරීම් අතරතුර දුර්ලභ ඝණයේ මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ සල්මන් ඛාන්ට පසුගිය බ්‍රහස්පතින්දා වසර 5ක සිර දඬුවම් නියම කෙරිණි. ඒ අනුව රාජස්ථානයේ, ජෝද්පූර් බන්ධනාගාරයේ දින 2ක් ගත කිරීමෙන් අනතුරුව ඔහු අද ඇප මත මුදා හැරිණි.