අමෙරිකාවෙන් රුසියාවට සම්බාධක කිහිපයක්

රුසියානු සමාගම් 7කට සහ නිලධාරීන් 17 දෙනෙකුට එරෙහිව අමෙරිකාව සම්බාධක පනවයි

by Chathuranga Rajapaksha 07-04-2018 | 8:06 AM
ලොවපුරා දූෂීත ක්‍රියා සිදුකළ බවට චෝදනා කරමින් අමෙරිකාව රුසියානු ජනපතිට හිතවත් සමාගම් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව සම්බාධක පනවා තිබේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ රුසියානු සමාගම් 7කට සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 17 දෙනෙකුට එරෙහිව එලෙස සම්බාධක පනවා ඇති බව ය. රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් 12ක් රාජ්‍ය අවි අපනයනකරුවකු හා බැංකුවකට එරෙහිව ද ඇමෙරිකාව තව දුරට ත් සම්බාධක පනවා ඇති බව සඳහන් ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් කියා සිටියේ මෙය රුසියාව දූෂීත ක්‍රම මගින් ලාභ ලැබීමට එරෙහිව පැනවූ දඬුවමක් බව ය.