මධ්‍යම කඳුකරයට තද වැසි

මධ්‍යම කඳුකරයට තද වැසි

by Chathuranga Rajapaksha 07-04-2018 | 1:55 PM
COLOMBO (Newsfirst) - වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මිලි මිටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ, වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බව ය. මේ අතර ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය යටියන්තොට ප්‍රදේශයෙන් වාර්තා විය. එය මිලි මීටර් 66 යි දශම 4කි. වව්නියාව, උලුක්කුලමට මිලි මීටර් 66 ක් රත්නපුර ඉළිඹුලුවට මිලි මීටර් 59 ක් සහ හංවැල්ල ප්‍රදේශයට මිලි මීටර් 58 ක වර්ෂාපතනයක් ගෙවුණු කාලය තුළ ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ පවතින ප්‍රදේශ කිහිපයකට ද ඊයේ වැසි ලැබී තිබේ. ඒ අනුව මස්කෙළිය මිලි මීටර් 35 යි දශම 7 ක්, සමනලවැව මිලි මීටර් 41 ක්, මාඋස්සාකැලේ මිලිමීටර් 16 ක් සහ කොත්මලේ ජලාශය අවට ප්‍රදේශයට මිලිමීටර් 16 ක වර්ෂාපතයක් ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ, තව දුරට ත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 50 දක්වා පහළ ගොස් ඇති බව ය.