by Staff writer 07-04-2018 | 10:01 PM
COLOMBO (Newsfirst) - හුළු ගඟේ අතු ගංගාවක් වන දළු ඔයේ කළු පාලම අසලදී සැඩ පහරකට හසු වීමෙන් දිය නෑමට ගිය කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තවත් අයෙකු අතුරුදන්ව ඇති බව ය.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.