සිරස මූලස්ථානය අසල කලහකාරී සිදුවීම හෙළා දකිනවා

සිරස මූලස්ථානය අසල ඇති වූ කලහකාරී සිදුවීම ජනපති හෙළා දකී

by Staff writer 06-04-2018 | 9:43 AM
COLOMBO (Newsfirst) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසල ඇති වූ කලහකාරී සිදුවීම තමා හෙළා දකින බවත්, තමා සහ තම රජය නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියට ගරු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන හමුවේදී ය. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය