සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය ප්‍රබන්ධයක් බවට චෝදනා

සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය ප්‍රබන්ධයක් බවට රුසියාවෙන් චෝදනා

by Staff writer 06-04-2018 | 12:01 PM
(Newsfirst) - සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබන්ධයක් නිර්මාණය කර ඇති බවට රුසියාව චෝදනා එල්ල කර තිබේ. රුසියාව පවසන්නේ, බ්‍රිතාන්‍ය ගින්දර සමගින් සෙල්ලම් කරමින් සිටින බව ය. එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලින් නිබෙන්සියා ආරක්ෂක කවුන්සිලයේ පැවති රැස්වීමක් අමතමින් මේ බව කියා සිටියේ ය. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාව තම රටේ තත්ත්වය පහත හෙලීම බව ද එහිදී රුසියානු තානාපතිවරයා අවධාරණය කළේ ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තවදුරටත් පවසන්නේ සැලිස්බරි ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බව ය. එහෙත් එම චෝදනාව රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නියෝජිත කැරෙන් පියර්ස් කියා සිටියේ, සැලිස්බරි ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට ද විමර්ශනයක් සිදු කර ඔවුන්ගේ මතය තහවුරු කළ හැකි බව ය.