සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව රිමාන්ඩ්

සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව රිමාන්ඩ්

by Chathuranga Rajapaksha 06-04-2018 | 3:40 PM
COLOMBO (Newsfirst) - අත්අඩංගුවට පත් සතොස හිටපු සභාපතිවරයෙකු වූ කේ. නලින් රුවන්ජීව ප්‍රනාන්දු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සතොස හිටපු සභාපතිවරයකු වූ කේ. නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපොලේදී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසිය සඳහන් කළේ, නඩුවක සැකකරුවෙකු වන ඔහු විදේශගතවීමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණු බව ය. සැකකරුට රුපියල් මිලියන 39 මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග මෙරටට රැගෙන ආ ක්‍රිඩා උපකරණ තොගයක් දේශපාලන කටයුතු අරමුණු කරගෙන බෙදාදීම සම්බන්ධයෙනි. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගමන් වළක්වමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණි.