තවත් පාසලකට ගම්මැද්දෙන් පානීය ජලය

කුරුණෑගල ඌරාපොත්ත කණිෂ්ඨ විද්‍යාලයට ගම්මැද්දෙන් පානීය ජල ව්‍යාපෘතියක්

by Chathuranga Rajapaksha 06-04-2018 | 10:46 PM
COLOMBO (Newsfirst) - කුරුණෑගල, ඌරාපොත්ත කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් බීමට පිරිසිඳු ජල බිදක් නොමැතිව වසර ගණනාවක් පීඩා වින්දේය. අද ඔවුන්ගේ පාසල් නිවාඩුව ආරම්භ වන්නේ නම් අලුත් පාසල් වාරයට අලුත්ම බලාපොරොත්තුවක් ද ඇතිවයි. ගම්මැද්දේ අපේ කණ්ඩායම අද මෙම විද්‍යාලයට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමට මුලු පිරුවේය. දරුවන් 150 ක් ගුරුවන් 16 ක් සිටන කුරුණෑගල , ඌරපොත්ත කණිෂ්ඨ විද්‍යාලය කාලය සිට පිරිසිදු පානීය ජල සපයා ගැනීමේ ගැටලුවට මුහුණදී සිටිති. පාසල පුරා මෙලෙස ජල නළ එලා තිබුණ ද එමගින් ගලාඑමට තරම් ප්‍රමාණවත් ජලයක් පාසලේ පිහිටි ළිඳෙන් ලබාගැනීමට හැකියාවක් නොමැත. මේ පාසලේ දරුවන් මුහුණ දෙන එම ගැටලුව පිළිබඳව විදුහල්පතිවරයා ගම්මැද්ද අපේ කණ්ඩායම දැනුවත් කළේය. ඒ අනුව පාසලට නළ ළිඳක් ඉදිකර එම ගැටලුව විසඳීමට අප ගම්මැද්ද කණ්ඩායම තීරණය කළේය. ඊට අනුග්‍රහය දක්වන්න ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු වූ සුරේෂ් සංජීව මහතා පියවර ගැනිණි. සුරේෂ් සංජීව මහතා මීට වසරකට පෙර මිය ගිය තම පියා වෙනුවෙන් මෙම සත්කාර්යට දායක විය. https://www.facebook.com/newsfirst.gammadda/videos/1736207339768838/