උත්සව සමය වෙනුවෙන් පොල් රු.75කට

උත්සව සමය වෙනුවෙන් පොල් රු.75කට අලෙවි කිරීමට පියවර

by Staff writer 06-04-2018 | 10:35 AM
COLOMBO (Newsfirst) - උත්සව සමය වෙනුවෙන් රුපියල් 75ක පමණ මිලකට පොල් අලෙවි කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේ, ඇතැම් ප්‍රදේශවල ජංගම රථ මගින් පොල් අලෙවි කරන බව ය. ලබන සතියේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. වෙළෙඳ පොළේ තවමත් පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 80ත් 100ත් අතර මිලකට ය.