අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර අඩු මිලට

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර අඩු මිලට

by Staff writer 06-04-2018 | 1:43 PM
COLOMBO (Newsfirst) - වී ගොවීන්ට සහ අතිරේක භෝග වගාකරුවන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර ලබා ගැනීම සඳහා සහන ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ අනුව වී ගොවීන්ට රුපියල් 500 කට සහ අතිරේක භෝග වගාකරුවන්ට රුපියල් 1500ක මුදලකට අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ ය. අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ඊට අදාළ කටයුතු සිදුවන බව ය. මේ අනුව පෙර පැවති ක්‍රමයට ම පොහොර බෙදා හැරීම සිදුවන බව අමාත්‍යවරයා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1902565156470400/