MTV/MBC මාධ්‍ය ජාලය අසල සිදුවීම හෙළාදකී

MTV/MBC මාධ්‍ය ජාලය අසල සිදුවීම ජනමාධ්‍ය සන්ධානය හෙළාදකී

by Sagarika Chathumali 05-04-2018 | 3:09 PM
COLOMBO (News 1st) : MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසල ඊයේ රාත්‍රියේ වූ සිදුවීම හෙළා දකිමින් ලොව විශාලතම ජනමාධ්‍ය සංවිධානයක් වන ජනමාධ්‍ය සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය නිකුත් කළ එහි ප්‍රධාන විධායක නිලධාරි සැලී ඈන් විල්සන් මහත්මිය සඳහන් කරන්නේ, ඊයේ රාත්‍රියේ MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසල වූ සිදුවීම පිළිබඳ අසන්නට ලැබීමෙන් විමතියට පත් වූ බවයි. එම මාධ්‍ය ජාලය ජනමාධ්‍ය සන්ධානයේ දිර්ඝ කාලීන සාමාජිකයෙකු වන අතර ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගත් ආයතනයක් ද බැවින් එය ඉදිරිපිට මෙවැන්නක් සිදුවීම සම්පූර්ණයෙන් ම පිළිගත නොහැක්කක් බවයි. එබැවින් මෙම සිදුවීම සම්බන්ධව සියලු තොරතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව සැලී ඈන් විල්සන් මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1901251643268418/