සිරස ඉදිරිපිට කළහකාරී හැසිරීම මාධ්‍යට කළ තර්ජනයක්

සිරස මාධ්‍ය ජාලය ඉදිරිපිට කළහකාරී හැසිරීම මාධ්‍යට එල්ල කළ තර්ජනයක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

by Chathuranga Rajapaksha 05-04-2018 | 1:53 PM
COLOMBO (Newsfirst) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවහිර කරමින් පිරිසක් ඊයේ සිදුකළ කළහකාරි හැසීරීම මාධ්‍යට එල්ල කළ තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1901234226603493/   ඊයේ රාත්‍රියේ විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අවසන් වී විනාඩි කිහිපයක් ගතව යද්දී කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වටකළ පිරිසක් කළහකාරී ලෙස හැසිරුණි. මේ හේතුවෙන් පැයකට අධික කාලයක් නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලයට පරිශ්‍රය තුළ කොටු වී සිටින්නට සිදුවිය. කළහකාරී ලෙස හැසිරුණු පිරිස සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිපිරීම් සිදුකරමින් පැයකට අධික කාලයක් රැඳී සිටියේය. කොළ පැහැති කොඩි ද අතැතිව පැමිණි මෙම කණ්ඩායම අතර එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නැමැත්තා ඉදිරියෙන්ම සිටියේය. මෙම පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළට රැස්වී සංවිධානාත්මක අයුරින් පැමිණ මෙම ක්‍රියාවේ නිරත වී තිබුණි. පැයකට අධික කාලයක් රැඳී සිටි පිරිස පසුව ඉවත් කෙරුණේ පොලිසියේ මැදිහත් වීමෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. එබැවින් කිත්සිරි රාජපක්ෂ මහතාට අප සිහිපත් කරනුයේ ඔබ යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1901204999939749/