සිරස කාර්යාලය ඉදිරිපිට කළහ කළ පිරිස මෙහෙයවූයේ කවුද

සිරස කාර්යාලය ඉදිරිපිට කළහ කළ පිරිස මෙහෙයවූයේ කවුද ?

by Sagarika Chathumali 05-04-2018 | 9:16 PM

COLOMBO (News 1st)ඊයේ රාත්‍රී සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු කණ්ඩායම මෙහෙයවූ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යනු කවු ද?

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නමැත්තා සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලහකාරී අයුරින් හැසිරීමෙන් පසුව ගංගාරාම විහාරස්ථානයේදී දැකගත හැකිවූයේ අග්‍රාමාත්‍යවරයා සමගයි. ඔහු ගංගාරාම විහාරස්ථාවේ අගමැතිවරයා සමීපයේ සිටින දර්ශන රාජ්‍යය මාධ්‍ය විසින් ද විකාශය කරනු ලැබිණ. මේ අතර කිත්සිරි රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් අද කොළඹ නගරයේ ස්ථාන ගණනාවක කට්වුට් ප්‍රදර්ශනය කර තිබිණ. 2009 වසරේ දෙසැම්බර් 31 වනදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ, සංවිධානාත්මක අපරාධ චෝදනා මත කිත්සිරි රාජපක්ෂ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි. මාධ්‍ය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙමින් මාධ්‍යවේදීන් බිය වැද්දීමට යොදාගන්නේ මෙවැනි පුද්ගලයින් ද? ඊයේ සිද්ධිය අතරතුර දැකගත හැකිවූ කොලොන්නාව උප සභාපති අනුර ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ දේශාපාලන හිතවතෙකි. සිරස ප්‍රධාන කාර්යාලය පසුකරමින් ගිය ඔහු ද පසුව අගමැතිවරයා සමග ගංඟාරාම විහාරයේ සිටිනු දැකගත හැකිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1901588096568106/