සිරස ඉදිරිපිට සිද්ධිය මාධ්‍ය සංවිධානයක් හෙළාදකී

සිරස ඉදිරිපිට කළහ කිරීම තවත් මාධ්‍ය සංවිධානයක් හෙළාදකී

by Sagarika Chathumali 05-04-2018 | 10:32 PM
COLOMBO (News 1st)  : MTV/MBC ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරී ප්‍රහාර එල්ල කිරීමට කළ උත්සහය තමන් තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය පවසයි. ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සිරස මාධ්‍ය ආයතනය ඉලක්කකර ගනිමින් පහරදීමට උත්සහ දැරීමේ සිද්ධිය මාධ්‍ය සංවිධානයක් ලෙස කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මාධ්‍ය ආයතනයක් ඉදිරිපිට මෙලෙස නොසන්සුන් ලෙස හැසිරුණු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම සංසදය අවධාරණය කරයි. මාධ්‍ය නිදහසට සහය දක්වන වත්මන් රජය මෙවැනි සිද්ධීන් හා සම්බන්ධවන පුද්ගලයන්ට එරෙහිව වහා කටයුතු කර මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට මැදිහත්විය යුතු බව ශ්‍රීලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.