සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්

සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්

by Staff writer 05-04-2018 | 3:42 PM
සල්මන් ඛාන් යනු බොලිවුඩ් සිනමාවේ විය පත් නොවන සුපිරි නළුවෙකි. වයස අවුරුදු 52ක් ඉක්මවුව ද ඔහු තවමත් ඉන්දීය තරුණියන්ගේ සිහින පෙම්වතා ය. දක්ෂතාව අතින් සල්මන් ඛාන් දෙවන අමිතාබ් භච්චන් බවට පත් වනු ඇති බවට සිනමා විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබිණි. එහෙත්, රාජේෂ් ඛන්නාගේ නොසැලකිලිමත් හැසිරීම නිසා අමිතාබ් භච්චන් සුපිරි තරුවක් බවට පත්වූ සේ ම සල්මාන්ගේ දඩබ්බරකම් නිසා ඔහු වෙනුවට ෂාරුක් ඛාන් සුපිරි තරුව බවට පත් විය. සුපිරි තරුවක් බවට පත්වෙමින් සිටියදී සල්මන් ඛාන් අධ්‍යක්ෂවරුන් සමග ගැටලු ඇති කර ගත්තේ ය. බොහෝ නිළියන් සමග ප්‍රේම සබඳතා පැවැත්වීය. එපමණක් නොව ඔහු විවිධ ක්‍රියාකාරකම් නිසා නීතියේ රැහැනට ද හසු විය. පදික වේදිකාවේ නිදා සිටි යාචකයෙකු සිය රථයෙන් යට කර මරණයක් කළ බවට වූ පැමිණිල්ලෙන් ඔහු යන්තම් ගැලවිණි. ඊට අමතරව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවකින් ද ඔහු නිදහස් විය. කෙසේ වෙතත්, ඔහු 1998 වසරේ කළ වරදකට ඊට වස 20කට පෙර එනම් මේ වසරේදී ඔහු වරදකරු වී ඇති බව වාර්තා වේ. ඒ, 1998 වසරේදී රූගත කිරීමක් අතරතුර දුර්ලභ ගණයේ ගෝනුන් දෙදෙනෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙනි. ජෝද්පූර්හි අධිකරණයක විභාග වූ මෙම නඩුවෙන් ඉන්දීය රු. 10000ක මුදලක දඩයක් නියම කර ඇති අතර ඔහුට වසර 5ක සිර දඬුවමක් ද නියම කර තිබේ. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සල්මන් ඛාන්ට අවස්ථාවක් පවතී.